Thursday, May 24, 2012

ආයේ දවසක සෙට් වෙලා ජෙට් ෆුවෙල් ගහමු..!!

ජෙට් ෆුවෙල්


එයාක්‍රාෆ්ට් ඉංජිනියර්ස්ල දෙන්නෙක්ට දවසක් කටුනායක එයාපෝර්ට් එකේ රෑ වැඩලු...
ඉතින් වැඩ ඉවර වෙලා මුන් දෙන්න පොඩි ඩ්‍රින්ක් එකක් දාමු කියල කතාවෙලා.
ඒත් වැඩ ඉවර වෙන වෙලාව වෙද්දී පට්ට විදියට වහිනවලු.
එලියට යාගන්න විදියක්ම නෑ...


1 ඉංජිනියර් :  මචං... මොකද කරන්නේ? මට නම් අද බොන්නම ඕනේ..

2 ඉංජිනියර් :  මචං මම අහල තියනවා ජෙට් ෆුවෙල් වලට වෙරි වෙනවා කියල.. මොකද කියන්නේ..
                      බීල බලමුද?

1 ඉංජිනියර් :  වෙරි වෙනවා නම් ඕනෙ මගුලක්.. ගහමු බං..


ඔන්න දෙන්න සෙට් වෙලා ජෙට් ෆුවෙල් ගහල කුජීත වෙන්නම...
පහුවෙනිදා උදේ මලවෙනිය නැගිටලා බලද්දී ඇඟට කිසිම අමාරුවක් නැහැලු..
කලින් දවසේ බිව්ව කියල දැනෙන්නෙවත් නැහැලු.
ඔය අස්සෙම මූට කෝල් එකක් ආවලු දෙවනියගෙන්...


2 ඉංජිනියර් :  මචං උඹට කොහොමද?

1 ඉංජිනියර් :  මචං කිසි අමාරුවක් නෑ.. බිව්ව කියලවත් ගානක් නෑ... උඹට කොහොමද?

2 ඉංජිනියර් :  මටත් කිසිම අමාරුවක් නෑ බං...

1 ඉංජිනියර් :  "එහෙනම් අපි ආය දවසක සෙට් වෙලා ජෙට් ෆුවෙල් ගහමු".. ඒක පට්ට ඩ්‍රින්ක් එක..

2 ඉංජිනියර් :  ඒත් ඒකෙ පොඩි අවුලක් තියනවා..

1 ඉංජිනියර් :  ඇ..ඇයි මචං??

2 ඉංජිනියර් :  උඹට පඩයක් එහෙම ගියාද?

1 ඉංජිනියර් :  න්..නෑ..බං... ඇයි??

2 ඉංජිනියර් :  පඩ නම් යවන්න එපා, මම දැන් ඉන්නෙ යාපනේ !!!



*******

Wednesday, March 28, 2012

පට්ට ටීචර්....

පට්ට ටීචර්....

එක්තරා පාසලකට අලුතින් පත්වෙලා ආවා බොහොම තරුණ ගුරුවරියක්...
(නැහැ... නැහැ... මම ගිය ඉස්කෝලේ නෙවෙයි..)
බොහොම හැඩකාර තරුණ ඇය ටිකක් වැඩිපුර විලාසිතා පැත්තට බරයි.. (තරුණ වයසනේ)
මේ ගුරුතුමිය අඳින්නේ පළදින්නේ බොහොම කැපිල පේන විදියට...




මුල් දවස් ටිකේ පහල පන්ති වල උගන්වපු ඇයට හදිස්සියේම ආදේශකයක් විදියට සාමාන්‍ය පෙළ
පන්තියකට උගන්වන්න සිද්ධ උනා..

ඔන්න මේ ගුරුතුමිය උගන්න උගන්න ඉන්නකොට
එක කොල්ලෙක්ගේ අවධානය වෙන අතක...
මොනවදෝ කුරුටු ගානවා...
තමන් කිසිම සටහනක් නොදුන්න එකේ මේ කොල්ලා මොනවද කුරුටු ගාන්නේ කියලා
ගුරුතුමිය හොයලා බැලුවා...

ඇයට මෙහෙම පොතක ලියල තිබුන,
එ වෙනකොටත් අවසන් නොකරපු,
මෙන්න මේ කවි පෙළ හම්බුනා...

නැමිලා දෙකට ගත්තා ඈ හුණු කොට්ටේ
කලිසම ගිහින් වැදුනා මේසේ ගැට්ටේ
මැද දාරයට හිර වී ඇගෙ රතු හැට්ටේ 
නටනවා වගෙයි තාලෙට වැල එක නැට්ටේ...


මුල්ලට වෙන්න නෙරියේ රැළි ගොඩ ගැහිලා
සත පනහට වැඩි ලොකු නාභිය ඇරිලා
නොවැදී වැදී යනවිට මා පහුකරලා
නොබලා ඉන්නේ කොහොමද මම ඇස් වහලා...


හිරකර ඇඟිලි තුඩුවට රට හුණු කෑලී
ඉස්සී පහත් වී ලියනා විට පේලි
මතුවන දාරයේ ලස්සන හැඩ බේරී
නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලි...


රත් පැහැ දෙතොල ඇයි මේ හැටි වෙහෙසෙන්නේ
සිහිනෙන් වගේ මොනවද ඈ පවසන්නේ
නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ
මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ...


මල් සාරියට නම් ඈ හරි හැඩකාරී
නොබලන දෑස් ඒ දෙස හරි පව්කාර
නොබලා ඉන්න හැදුවත් ඇස් කීපාර
නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර...


නැමුනා එක වරම ඇය ගුරු මේසයට
වැල ගෙඩියක් වැටුනා වාගේ බිමට
පැත්තට පේන දර්ශනයේ අසිරියට
ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට...


ඉන්න නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න
හැකිනම් මාව ඔය ඔරුවට නග්ගන්න
හබල අලුත් හින්දා බැහැ දුර යන්න
කෙටි පාරකට පුළුවන් නම් හරවන්න...


පින්කර තියනවා මගේ ඇස් දෙක හොඳට
මතකෙට ගනිමි මම මේ පාඩම අදට
නින්දට කලින් සිහිකර මේ ගැන තිතට
දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට...


සමාවෙලා මේ දේ කියලා දෙන්න
කවුරුද ඔබව මැව්වේ මට පවසන්න
ඔබ යන...................
............

මේක දැක්ක ගුරුතුමියට හොඳටම කේන්ති ගියාලු..
අර ළමයාගේ කනින් ඇදගෙන.. පොතත් අරගෙන ගියා විදුහල්පති තුමා ගාවට...
ගිහින් විස්තරේ කියල ඔයා කවි පෙළත් පෙන්නුවලු...

දන්නවද විදුහල්පති තුමා දුන්න උත්තරේ ???

මේ කොල්ලා මොකෝ ටීචර්...
ඔයාව දකින කොට මට හිතුනෙත් ඔය ටිකමනේ.....





**********