Thursday, May 24, 2012

ආයේ දවසක සෙට් වෙලා ජෙට් ෆුවෙල් ගහමු..!!

ජෙට් ෆුවෙල්


එයාක්‍රාෆ්ට් ඉංජිනියර්ස්ල දෙන්නෙක්ට දවසක් කටුනායක එයාපෝර්ට් එකේ රෑ වැඩලු...
ඉතින් වැඩ ඉවර වෙලා මුන් දෙන්න පොඩි ඩ්‍රින්ක් එකක් දාමු කියල කතාවෙලා.
ඒත් වැඩ ඉවර වෙන වෙලාව වෙද්දී පට්ට විදියට වහිනවලු.
එලියට යාගන්න විදියක්ම නෑ...


1 ඉංජිනියර් :  මචං... මොකද කරන්නේ? මට නම් අද බොන්නම ඕනේ..

2 ඉංජිනියර් :  මචං මම අහල තියනවා ජෙට් ෆුවෙල් වලට වෙරි වෙනවා කියල.. මොකද කියන්නේ..
                      බීල බලමුද?

1 ඉංජිනියර් :  වෙරි වෙනවා නම් ඕනෙ මගුලක්.. ගහමු බං..


ඔන්න දෙන්න සෙට් වෙලා ජෙට් ෆුවෙල් ගහල කුජීත වෙන්නම...
පහුවෙනිදා උදේ මලවෙනිය නැගිටලා බලද්දී ඇඟට කිසිම අමාරුවක් නැහැලු..
කලින් දවසේ බිව්ව කියල දැනෙන්නෙවත් නැහැලු.
ඔය අස්සෙම මූට කෝල් එකක් ආවලු දෙවනියගෙන්...


2 ඉංජිනියර් :  මචං උඹට කොහොමද?

1 ඉංජිනියර් :  මචං කිසි අමාරුවක් නෑ.. බිව්ව කියලවත් ගානක් නෑ... උඹට කොහොමද?

2 ඉංජිනියර් :  මටත් කිසිම අමාරුවක් නෑ බං...

1 ඉංජිනියර් :  "එහෙනම් අපි ආය දවසක සෙට් වෙලා ජෙට් ෆුවෙල් ගහමු".. ඒක පට්ට ඩ්‍රින්ක් එක..

2 ඉංජිනියර් :  ඒත් ඒකෙ පොඩි අවුලක් තියනවා..

1 ඉංජිනියර් :  ඇ..ඇයි මචං??

2 ඉංජිනියර් :  උඹට පඩයක් එහෙම ගියාද?

1 ඉංජිනියර් :  න්..නෑ..බං... ඇයි??

2 ඉංජිනියර් :  පඩ නම් යවන්න එපා, මම දැන් ඉන්නෙ යාපනේ !!!



*******

Wednesday, March 28, 2012

පට්ට ටීචර්....

පට්ට ටීචර්....

එක්තරා පාසලකට අලුතින් පත්වෙලා ආවා බොහොම තරුණ ගුරුවරියක්...
(නැහැ... නැහැ... මම ගිය ඉස්කෝලේ නෙවෙයි..)
බොහොම හැඩකාර තරුණ ඇය ටිකක් වැඩිපුර විලාසිතා පැත්තට බරයි.. (තරුණ වයසනේ)
මේ ගුරුතුමිය අඳින්නේ පළදින්නේ බොහොම කැපිල පේන විදියට...




මුල් දවස් ටිකේ පහල පන්ති වල උගන්වපු ඇයට හදිස්සියේම ආදේශකයක් විදියට සාමාන්‍ය පෙළ
පන්තියකට උගන්වන්න සිද්ධ උනා..

ඔන්න මේ ගුරුතුමිය උගන්න උගන්න ඉන්නකොට
එක කොල්ලෙක්ගේ අවධානය වෙන අතක...
මොනවදෝ කුරුටු ගානවා...
තමන් කිසිම සටහනක් නොදුන්න එකේ මේ කොල්ලා මොනවද කුරුටු ගාන්නේ කියලා
ගුරුතුමිය හොයලා බැලුවා...

ඇයට මෙහෙම පොතක ලියල තිබුන,
එ වෙනකොටත් අවසන් නොකරපු,
මෙන්න මේ කවි පෙළ හම්බුනා...

නැමිලා දෙකට ගත්තා ඈ හුණු කොට්ටේ
කලිසම ගිහින් වැදුනා මේසේ ගැට්ටේ
මැද දාරයට හිර වී ඇගෙ රතු හැට්ටේ 
නටනවා වගෙයි තාලෙට වැල එක නැට්ටේ...


මුල්ලට වෙන්න නෙරියේ රැළි ගොඩ ගැහිලා
සත පනහට වැඩි ලොකු නාභිය ඇරිලා
නොවැදී වැදී යනවිට මා පහුකරලා
නොබලා ඉන්නේ කොහොමද මම ඇස් වහලා...


හිරකර ඇඟිලි තුඩුවට රට හුණු කෑලී
ඉස්සී පහත් වී ලියනා විට පේලි
මතුවන දාරයේ ලස්සන හැඩ බේරී
නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලි...


රත් පැහැ දෙතොල ඇයි මේ හැටි වෙහෙසෙන්නේ
සිහිනෙන් වගේ මොනවද ඈ පවසන්නේ
නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ
මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ...


මල් සාරියට නම් ඈ හරි හැඩකාරී
නොබලන දෑස් ඒ දෙස හරි පව්කාර
නොබලා ඉන්න හැදුවත් ඇස් කීපාර
නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර...


නැමුනා එක වරම ඇය ගුරු මේසයට
වැල ගෙඩියක් වැටුනා වාගේ බිමට
පැත්තට පේන දර්ශනයේ අසිරියට
ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට...


ඉන්න නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න
හැකිනම් මාව ඔය ඔරුවට නග්ගන්න
හබල අලුත් හින්දා බැහැ දුර යන්න
කෙටි පාරකට පුළුවන් නම් හරවන්න...


පින්කර තියනවා මගේ ඇස් දෙක හොඳට
මතකෙට ගනිමි මම මේ පාඩම අදට
නින්දට කලින් සිහිකර මේ ගැන තිතට
දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට...


සමාවෙලා මේ දේ කියලා දෙන්න
කවුරුද ඔබව මැව්වේ මට පවසන්න
ඔබ යන...................
............

මේක දැක්ක ගුරුතුමියට හොඳටම කේන්ති ගියාලු..
අර ළමයාගේ කනින් ඇදගෙන.. පොතත් අරගෙන ගියා විදුහල්පති තුමා ගාවට...
ගිහින් විස්තරේ කියල ඔයා කවි පෙළත් පෙන්නුවලු...

දන්නවද විදුහල්පති තුමා දුන්න උත්තරේ ???

මේ කොල්ලා මොකෝ ටීචර්...
ඔයාව දකින කොට මට හිතුනෙත් ඔය ටිකමනේ.....





**********

Monday, March 26, 2012

කොටි මහුණ සහ ගෝනාගේ මල සිරුර

කොටි මහුණ සහ ගෝනාගේ මල සිරුර 



නූතන ගුවන් තොට ඉදිවන මත්තල ප්‍රදේශයේ ජීවත් වන මොහු දක්ෂ දඩයම් කරුවෙකි නම සඳහන් කිරීමට අකමැති හෙයින් ඔහු රාලහාමි ලෙස හදුන්වමු. මීට කලකට ඉහත දී මොහු දඩයමේ යෑම පුරුද්දක් කරගෙන තිබූ නමුත් දැන් ඔහු එම පුරුද්ද අතහැර ඇත්තේ වනජීවී නිලධාරීහු එම ප්‍රදේශයේ ගැවසෙන බැවිණි.

එදා පුර පසොළොස්වක පොහෝ දිනකි පොහෝදින දඩයමේ යෑමට කදිම දිනයක් බැවින් එදින ඔහු සුපුරුදු පරිදි නැවත පුරවන ලද පතොරොම් කිහිපක්ද රැගෙන රෑට කෑම සඳහා පාන් රාත්තලක්ද අතට ගත් මොහු රබර් බූට් යුවලද පැලද මොදර වැව උඩත්තාවෙන් කඩවර කැලයට රිංගන්නට සිතා සවස 7වන විට ගමන ආරම්භ කළේය දිගු වෙලාවක් ගමන් ගත් නමුත් හාවකු හෝ ඇස නොගැටීමෙන් තව තවත් කැළය තුලට යාමට ඔහුට සිදුවිය මෙසේ ගමන් කරමින් රාත්‍රී 10 පමණ වන විට කඩවර කැළයේ මැද හරියම පැමිණ සිටියේය තමා ට සුපුරුදු පළු ගසක මුදුනේ ගෝනියක් ගැටගසා සතකු එනතෙක් රැකගෙන සිටීමට සිතුවේය දැනුනු බඩගින්න නිසා පාන් රාත්තලෙන් කොටසක් ආහාරයට ගත්තේ හකුරු පෙත්තක් සමඟය.එහි පැය 3ක් පමණ ගත කලද බලාපොරොත්තු සුන්විය කිසිම සතකුහෝ දැකීමට හෝ සතකුගේ හඬක්ඇසීමටවත් නොවූ බැවින් තවත් මද දුරක් ඇවිද යාමට ඔහු සිතූහ..

ටික දුරක් ඇවිද ගිය පසු බලාපොරොත්තු සපල විය විශාල අං සහිත ගෝනකු ඉදිරියේ ඇස් දෙන්නට විය හඳ එළිය නිසා ගෝනා පැහැදිලිව දැක ගත හැකිවිය කෑලි පහේ විදුලි පන්දම ගෝනා දෙසට එල්ලකල විගස ඌ නොසෙල්වී සිටියේය.බලාපොරොත්තු සහිතව පලමු වෙඩිල්ල පත්තු කිරීමට කොකා ගැස්සුවද කරුමයට මෙන් වෙඩිල්ල පත්තු වූයේ නැත නැඟුණු කුඩා ශබ්දය නිසා ගෝනා වේගයෙන් කැළය තුලට රිංගා ගියේ... තප්පරයක් වැනි කාලයක් තුලය තමාට වඩා විශ්වාස සහිත තුවක්කුව පත්තු නොවුනේ මන්දැයි පුදුමයෙන් ඔහු සුසුම් හෙළිය ගෝනා ගිය පසු පස යෑමට මත්තෙන් තුවක්කුව පරික්ෂා කිරීමට ඔහුට සිදුවිය.නැවතත් දන්නා ශිල්පයෙන් තුවක්කුව යතා තත්වයට පත් කරගත් ඔහු මුවන්ගේ හඬ බහුලව ඇසෙන්නට වූ දිශාවට පිය මැන්නේය එම ස්ථානයේ වූ ගසක් තෝරා එහි ගෝනිය බැඳීමට සිතා ගස දෙසට විදුලි පන්දම යොමු කළ ඔහු දුටුවේ අද්භූත සිදුවීමක් විශාල ගෝනකු ගේ මල සිරුරක් ගසේ දෙබලක් මත පහතට එල්ලී තිබීමයි ඒ අසලට ගිය මොහුට ලේබින්දු කිහිපයක් තම ඇඟට වැටෙන බවද දැනිණ ඔහුට අදහා ගත නොහැකි විය තරමක් තැති ගැන්මක් ඇතිවූ මොහු මදක් පසුපසට ගොස් නැවත විදුළිපන්දම ගසා විපරම් කරන්නට විය.දිවියකු හෝ ගසේ සිට ගෝනා ආහාරයට ගන්නේදැයි සිතමින්ය.

පුදුමයකි! තමා සිතුදේ නිවැරදි යැයි ඔහුට වැටහුණි එකවරම දිවියකුගේ මුහුණක් ගෝනාගේ සිරුර මතින් දැක ගත හැකිවිය භියට පත් මොහු තම තුවක්කුව ඒ දෙසට එල්ල කර වෙඩිල්ලක් තැබිය එවිට එකවර මිනිසකුගේ විලාප හඬක් සහිතව ගසේසිට යමක් බිමට වැටුණු බවක් දැනින ඔහුට සිතා ගත නොහැකි විය ලහි ලහියේ තවත් පතොරොමක් ගෙන එන දෙයකට මුහුණ දීමට ඔහු සිතා ගත්හ. සිදුවූ සියල්ල යම් නුහුරු බවක් දැනුණ බැවිණ් එම ස්ථානයෙන් ඉවත්ව යෑමට ඔහු සිතා වේගයෙන් පිටු පස බලමින් දිවයන්නට විය පැය බාගයක් පමණ දිව ගිය ඔහු තමාට සුපුරුදු පළු ගසේ මුදුනටම නැග ගත්තේ එය ආරක්ෂිත ස්ථානයක් වූ බැවිණී රැය පහන් වන තුරුම විමසිල්ලෙන් ඒ ගහ උඩම සිටීමට ඔහුට සිදුවිය රැයේ සිදුවූයේ කුමක්දැයි කුතුහලයෙන් උදේ 5-6ත් අතර කාලයේ නැවතත් පළුගසින් බැස ගත් ඔහු සිගරට්ටුවක්ද දල්වාගෙන නැවතත් එම සිද්ධීය සිදුවූ ස්ථානයට යෑමට තීරණය කළේය.....

පුදුමයකි! එම ගස යට වුයේ සුදෝවුන් වැලි තලාවක් නමුත් අඩි සලකුණක් හෝ ලේ සලකුණක් හෝ එසේ සිදුවීමක් ගැන හෝඩුවාවක් හෝ එම ස්ථානයේ නොවීය ගසේ තමා තිවු උණ්ඩ පහර පමක් දැකගත හැකි විය....සිදුවුයේ කුමක්දැයි සිතා ගත නොහැකි ඔහු සුසම් ලමින් එතැනම හිද ගත්තේ බඩගිනි වූ බැවින් ඉතුරු වූ පාන් කෑල්ලවත් කා දමා නැවතත් නිවසට යන අරමුණින්ය පාන් කැබැල්ල අතට ගත් ඔහුට දැකගත හැකිවූයේ එම පාන් කැබැල්ල ලේ වලින් තෙත් වී ඇති ආකාරයකි ඔහු සිතුවේ තම ශරීරයේ සිදුවී ඇති තුවාලයක් නිසා එසේ සිදුවන්නට ඇති බවයි එසේ සිතා ශරීරය විපරම් කල බැලුවද කිසිම සීරීම් සලකුණක් හෝ නොවීය තමාගේ වම් බාහුවට ගෝනාගේ ඇගෙන් ලේ බිඳු වැටුණා මතකය ඔහු ඒ දෙස පරික්ෂා කර බලද්දී එම රුධිර බිදු එසේ වේලී ගොස් තිබිණ..........


පසුව තමාට වැටහී ගියේ එය අද්භූත සිදුවීමක් බවයි....

Monday, March 12, 2012

ඇරඹුම...



සොමි කොල්ලාගේ සොමි වැඩ කිඩ සමග ළඟදීම හමුවෙමු....

*******